ජපානයේ දකුණු දිග ඔකිනාවා දූපතට බලපෑ ‘ඩොල්ෆින්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. පැයට කිලෝමීටර 198ක වේගයෙන් හමා ගිය මෙම සුළි කුණාටුව නිසා ගොඩනැගිලි 14,000කට අධික සංඛ්‍යාවක විදුලිය විසන්ධි වී ඇත.
අධික සුළං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ඇද වැටී තුවාල ලබා ඇති අතර, තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇතැයි ඔකිනාවා ප්‍රාන්ත රජය සඳහන් කරයි. ආරක්ෂිත පියවරක් ලෙස බලධාරීන් විසින් වරාය, පාසල් සහ සංචාරක ස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මෙම සුළි කුණාටුව හේතුවෙන් ජපානයට අමතරව චීනය සහ තායිවානය බලා යන ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුවිය. දැනට මෙම කුණාටුව නැගෙනහිර චීනය දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජූලි 26 වන දින නිවර්තන අවපාතයක් ලෙස ඇරඹුණු මෙම පද්ධතිය, දින කිහිපයක් තුළ ඉතා ශක්තිමත් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය. ආසියානු කලාපයේ පවතින වාර්තාගත තාප තරංග මධ්‍යයේ මෙම ස්වභාවික ආපදා තත්ත්වය වාර්තා වීම විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර