පල්මිරා සංවර්ධන මණ්ඩලයේ 48 වන සංවත්සරයට සමගාමීව පල්මිරා ආශ්රිත නිෂ්පාදන සඳහා වූ ජාතික ප්‍රදර්ශනයක් වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේදී පසුගියදා ආරම්භ විය. දේශීය පල්මිරා කර්මාන්තය නංවාලීම සහ ඒ සඳහා නව වෙළෙඳපොළ අවස්ථා උදා කර දීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණයි.
මෙම ප්‍රදර්ශනය වැවිලි කර්මාන්ත සහ සමාජ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. ප්‍රදර්ශනය තුළ පල්මිරා ආශ්රිත ආහාර ද්‍රව්‍ය සහ විවිධ අත්කම් නිර්මාණ ඇතුළු නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට තබා තිබුණි.
පල්මිරා කර්මාන්තය රටේ දිස්ත්‍රික්ක 11ක් පුරා ව්‍යාප්ත කිරීම සහ ඒ සඳහා නව ආයෝජන දිරිමත් කිරීම මෙහිදී අවධානයට ලක් විය. පල්මිරා නිෂ්පාදනවලට පවතින දේශීය හා විදේශීය ඉල්ලුම තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, පසුගිය වසරේ පල්මිරා නිෂ්පාදන අපනයනය කිරීමෙන් රුපියල් මිලියන 675ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි. උතුරු සහ නැගෙනහිර පළාත්වල පල්මිරා සම්පත බහුලව පැවතියද, එහි ආර්ථිකමය වටිනාකමෙන් දැනට භාවිතා වන්නේ 50%ක් වැනි ප්‍රමාණයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර