අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසකදී මුදල් ඔට්ටුවට බූරු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියට සම්බන්ධ 77 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මිනිබිරියන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසින් සැකකරුවන්ට මාස තුනක අත්හිටවූ සිර දඬුවමක් නියම කර තිබේ. මීට අමතරව, ඔවුන්ට පැය 50 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ ප්‍රජා සේවය ඔවුන් පදිංචි නිවසට ආසන්නයේ පිහිටි උඩුවර විහාරස්ථානයේදී සිදු කරන ලෙස අධිකරණය වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

පොලිසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි සිටි තවත් පිරිසක් පලාගොස් ඇති අතර, ඉන් එක් අයෙකු පලායෑමේදී අනතුරකට ලක්ව තුවාල ලබා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version