ලෝක ආදිවාසී දිනය නිමිත්තෙන් දඹාන ආදිවාසී ජන උරුම කෞතුකාගාර පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම්, සංස්කෘතිය සහ ඔවුන්ගේ පාරම්පරික උරුමයන් සුරැකීම රජයේ ප්රමුඛ වගකීමක් බව ඇය අවධාරණය කළාය.
දිගු කලක් තිස්සේ පැවති ආදිවාසී පනතක් පිළිබඳ ඉල්ලීමට විසඳුම් ලබාදෙමින්, අදාළ පනත් කෙටුම්පත මේ වන විට අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කමිටු පත් කරමින්, අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීම මෙම සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය.
වැදි ජනතාවගේ අනන්‍යතාව සහ පාරම්පරික දැනුම ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සංවර්ධනය යනු ආදිවාසී උරුමයන් විනාශ කිරීම නොවන බවත් පැවසුවාය. ඔවුන්ගේ පාරම්පරික භූමි අයිතිය සහ සංස්කෘතික ස්වාධීනත්වය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
මීට අමතරව, වැදි ජනතාවට වනාන්තරවලට ඇතුළු වීමට අවසර ලබාදීම සහ ඔවුන් ලියාපදිංචි කර නීත්‍යානුකූළ හැඳුනුම්පත් ලබාදීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයකටද අත්සන් තබා ඇත. මෙම පියවර හරහා ඔවුන් මුහුණ දෙන ගැටලු රැසකට ස්ථීර විසඳුම් ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
උත්සවයේදී ආදිවාසී වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් විසින් ශ්‍රී ලංකා ආදිවාසී ප්‍රජා ප්රකාශනය අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීය. පසුගිය කාලයේ ඇති වූ දේශගුණික ආපදා හේතුවෙන් පීඩාවට පත් ආදිවාසී ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර