ජීවිතය වෙනස් කරන ප්‍රබලම සාධකයක් වන්නේ අපගේ චින්තන රටාවයි. එකම දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද, එක් අයෙක් එය බරපතල අභියෝගයක් ලෙස දකින විට තවත් අයෙක් එයින් මානසිකව වැටී වැරදි නිගමනවලට එළඹේ. මෙම වෙනස ඇති කරනු ලබන්නේ බාහිර පරිසරය නොව අප සතු ආකල්පයි.
බොහෝ දෙනෙක් තමන්ගේ සිතේ ඇති ඍණාත්මක අදහස් නිසාම බොහෝ අවස්ථා අහිමි කර ගනිති. එහෙත්, අපගේ සිතුවිලි පාලනය කර ගැනීමට සහ ආකල්ප යහපත් අතට හැරවීමට හැකි බව වටහා ගන්නා මොහොතේ සිට ජීවිතයේ ගමන් මඟද වෙනස් වීමට පටන් ගනී.
මෙම මානසික සංවර්ධනය සඳහා කෘතඥතාව පුරුදු කිරීම ඉතා වැදගත් වේ. අපගේ ජීවිතයේ ඇති කුඩා හෝ යහපත් දේවල්, එනම් ලැබී ඇති සෞඛ්‍යය, පවුලේ අය සහ මිතුරන් මෙන්ම දෛනික අත්දැකීම් ගැන සතුටු වීමට මනස පුහුණු කිරීමෙන් නැති දේවල් ගැන පසුතැවීම අඩුවේ.
මීට අමතරව, අන් අයගේ අදහස්වලට සවන්දීම, ගුණාත්මක පොත්පත් කියවීම සහ ස්වභාවික පරිසරයේ කාලය ගත කිරීම මගින් මනසට නව ශක්තියක් ලබාගත හැකිය. නිරන්තරයෙන් අලුත් කුසලතා ඉගෙන ගැනීම සහ බුද්ධිය වර්ධනය කර ගැනීම තුළින් ගැටලු හමුවේ නොසැලී ඉදිරියට යාමට හැකි වේ.
සිත මෙන්ම ශරීරයද සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීම ධනාත්මක චින්තනයට සෘජුවම බලපායි. සමබර ආහාර වේලක් ගැනීම, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම සහ නිතිපතා ව්‍යායාම කිරීම තුළින් ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ මානසික ශක්තිය ගොඩනඟා ගත හැකිය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර