මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙදිරිගිරිය ආසන බලමණ්ඩල සභාපතිවරයෙකු වන චින්තක ටෙරන්ස් විජේරත්න මහතා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
සැකකරු පසුගිය 07 වන දින හබරණ – හිඟුරක්ගොඩ මාර්ගයේ තොරතෙක වෙළඳපොළ ප්‍රදේශයේදී යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට අදාළව සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ හෙරොයින් ග්‍රෑම් 15ක් පොලිස් භාරයට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
