ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගාසා තීරයේ සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. අදාළ සැලැස්ම මගින් හමාස් සංවිධානය ඇතුළු සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත්, මෙම යෝජනාවලිය තම රජය විසින් සෘජුවම ප්‍රතික්ෂේප කරන බව අගමැති නෙතන්යාහු කැබිනට් මණ්ඩල රැස්වීම අමතමින් ප්‍රකාශ කළේය. හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ වන තෙක් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයෙන් ඉවත් කර නොගන්නා බව ඔහු අවධාරණය කරයි.

මීට පෙර, හමාස් සංවිධානය පවසා තිබුණේ ඊශ්‍රායලය සියලු ආක්‍රමණ නතර කර හමුදා ඉවත් කරගන්නේ නම් පමණක් බර අවි භාරදීමට සූදානම් බවයි. එහෙත් නෙතන්යාහු පවසන්නේ හමාස් සංවිධානයේ නිරායුධ වීම ව්‍යාජ එකක් නොවිය යුතු බවයි.

ගාසා තීරයේ ආරක්ෂාව සහ ස්ථිරසාර සාමය තහවුරු කිරීම සඳහා තම හමුදාවන්ට සහ පුරවැසියන්ට එල්ල වන ඕනෑම තර්ජනයක් මැඩපැවැත්වීමට දිගින් දිගටම කටයුතු කරන බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පියවරයන් පිළිබඳව ඇමෙරිකානු නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version