ග්‍රාමීය පාසල් සිසුන්ගේ ක්‍රීඩා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් මහියංගන රිදීමාලියද්ද විද්‍යාලය සඳහා නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 798ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වේ.

මෙම ක්‍රීඩාංගණය සඳහා මුල්ගල් තැබීම අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව දිවයින පුරා ක්‍රියාත්මක පාසල් ක්‍රීඩාංගන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙය ඉදිකරනු ලබයි.

ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට පිවිසීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සලසා දීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. එමගින් කලාපීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගතියක් අපේක්ෂා කරන බව රජය පවසයි.

මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version