ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉතා සාර්ථකව සිදු කෙරෙන බව හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් මහත්මිය පවසයි.
ඇය මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය. මෙරට බිම් බෝම්බවලින් දූෂිතව පැවති ප්‍රදේශවලින් 90%ක් මේ වන විට සාර්ථකව නිදහස් කර ගැනීමට හැකි වී තිබේ.
ඉතිරිව ඇති වර්ග කිලෝමීටර 20.8ක භූමි ප්‍රමාණය ඉතා සංකීර්ණ සහ කටුක භූ විෂමතා සහිත ප්‍රදේශ බව බලධාරීන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඉදිරි වසර හතර තුළ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාවයි.
මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ පුහුණුව ලත් සෙබළුන් 500 දෙනෙකු යොදවා ඇති අතර, ඔවුන් පමණක් වාර්ෂිකව වර්ග කිලෝමීටර 1.5ක භූමි ප්‍රමාණයක් බිම් බෝම්බවලින් නිදහස් කර ගැනීමට ඉලක්ක කර ඇත.
මෙම මෙහෙයුම් වේගවත් කිරීම සඳහා රජය විසින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් වැඩි කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර