දඹුල්ල, වැලිහේන බුලාගල අතුරු මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මේ අතර, ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී තවත් මාරක රිය අනතුරක් වාර්තා වේ. ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පළක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් 27 හැවිරිදි උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර, යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකරු ද තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අක්මීමණ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර