හොලිවුඩ් සිනමාපට හරහා වාර්තාගත ආදායම් හිමිකර ගනිමින් සිටින ජනප්‍රිය නිළි සෙන්ඩායා, 2026 වසරේ වැඩිම ආදායමක් උපයාගත් නිළිය ලෙස අංක එකේ ස්ථානයට පත්ව තිබේ. ‘The Drama’, ‘The Odyssey’ සහ ‘Spider-Man: Brand New Day’ වැනි සාර්ථක චිත්‍රපට රැසකට ඇය දායක වී ඇත.
වයස අවුරුදු 30 සීමාවට පවා ළඟා වී නොමැති ඇය, ඩිස්නි නාලිකාවේ යොවුන් නිළියක ලෙස සිය කලා ජීවිතය ආරම්භ කළ අතර, අද වන විට හොලිවුඩයේ වැඩිම ඉල්ලුමක් ඇති ප්‍රධාන පෙළේ තරුවක් බවට පත්ව සිටී.
ඇයගේ ඉදිරි නිකුත්වීම් අතරට ‘Dune: Part Three’ චිත්‍රපටය දෙසැම්බර් 18 වැනිදා තිරගත වීමට නියමිත අතර, එමඟින් ඇයගේ සමස්ත ආදායම් තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, සෙන්ඩායා සහ ඇයගේ දිගුකාලීන පෙම්වතා වන ටොම් හොලන්ඩ් පසුගිය කාලය තුළ එක්සත් රාජධානියේදී රහසිගතව විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම තරු ජෝඩුව තම පෞද්ගලිකත්වය රකිමින් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර නැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර