විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව ලබන සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම යෝජනාව මගින් අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයට කිසිදු විසඳුමක් නොලැබෙන බව පෙන්වා දෙන ජී.එල්. පීරිස් මහතා, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින්නේ සමස්ත නඩු ප්‍රමාණයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා, රජය විසින් සියලු තීරණ ගෙන අවසන් වූ පසු මෙවැනි සාකච්ඡා පැවැත්වීමෙන් ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොලැබෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
