මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ ආගමික හා සංස්කෘතික චාරිත්‍ර ආරම්භ කරමින් කප් සිටුවීමේ උත්සවය හෙට (13) දින සුබ මොහොතින් සිදුකිරීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

පෞරාණික චාරිත්‍රානුකූලව පේකොට තබන ලද පණස වෘක්ෂයක ශාඛාවක් භාවිත කරමින්, මහනුවර සිව්මහා දේවාලවලදී මෙම කප් සිටුවීමේ කටයුතු සිදුකෙරෙනු ඇත. හෙට පෙරවරු 6.17ට උතුරු දිශාභිමුඛව මෙම චාරිත්‍රය ඉටු කිරීමට නියමිතය.

මෙවර 2026 වසරේ කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 18 වැනිදා සිට 28 වැනි දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. පෙරහරේ ආරක්ෂක හා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳව දළදා මාලිගා පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවක් ද පසුගියදා පැවැත්විණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version