ජපානයේ චිබා (Chiba) ප්‍රාන්තයේ පදිංචිව සිටි 21 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු ජපන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්වූ සිසුවා සහ සැකකරු එකම නිවසක නවාතැන් ගෙන සිටි අය බවයි. මොවුන් දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම දරුණු ප්‍රහාරය සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

තමාට සහ තම මවට එල්ල වූ අපහාසයක් හේතුවෙන් ඇතිවූ දැඩි කෝපය පාලනය කරගත නොහැකිව මෙම ප්‍රහාරය එල්ල කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ජපන් බලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version