දිවයින තුළ ළමුන් නොසලකා හැරීම, අත්හැර දැමීම මෙන්ම ශාරීරික හා මානසික හිංසනයන්ට ලක්වීම සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම තත්ත්වය හෙළිදරව් කර ඇත.

එම අධිකාරියේ නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය සඳහන් කළේ, වර්තමානයේ මාසයක් තුළ මෙවැනි පැමිණිලි 600ත් 1,000ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවයි.

මෙවැනි අපරාධ සහ වැරදිවල නිරත වන මව්පියන් මෙන්ම භාරකරුවන් සඳහා දැඩි දඬුවම් ලබා දීමට නීතිමය ප්‍රතිපාදන පවතියි. දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙවැනි වැරදි කරන්නන්ට වසර 2කට වැඩි සහ වසර 10කට අඩු සිරදඬුවමක් හිමිවිය හැකි බව නීතිඥවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version