ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා අතර සුහද හමුවක් අගෝස්තු 14 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
දෙරට අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. දෙපාර්ශ්වයටම වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ඉදිරි ශ්‍රී ලංකා සංචාරය සඳහා වන සූදානම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ සහකාර ආරක්ෂක උපදේශක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
