ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් ආශ්‍රිත ප්‍රදේශයක අද (15) අලුයම රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් වාර්තා වී තිබේ. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන පරිදි, මෙම ප්‍රධාන භූ කම්පනයට අමතරව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්ගෙන් යුත් පසු කම්පන තුනක් ද සිදුව ඇත.

මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජන ජීවිතය කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version