ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙම හමුව සඳහා ලෝක ආහාර වැඩසටහනේ (WFP) නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආපදා පෙර සූදානම, ඔරොත්තු දීමේ හැකියාව සහ හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීමේ ධාරිතාව ඉහළ නැංවීමයි. මෙහිදී යෝජිත ‘අපේක්ෂිත ක්‍රියාමාර්ග, හදිසි සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය’ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.

ඇමරිකානු රජයේ සහයෝගය මත ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතිය ලෝක ආහාර වැඩසටහන හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාව සඳහා ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ පිලිප් වෝඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබට් ඔලිවර් යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආපදා කළමනාකරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version