ශ්‍රී ලංකාවේ සිය රාජකාරි කාලය අවසන් කර පිටත්ව යන ඊජිප්තු තානාපති Adel Ibrahim මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර විශේෂ හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.
සිය ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර සබඳතා වර්ධනය කර ගැනීමට තානාපතිවරයා ලබාදුන් දායකත්වය ආරක්ෂක ලේකම්වරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කළේය.
තමා වෙත රජය සහ ආරක්ෂක අමාත්‍යාංශය ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තූතිය පළ කළ තානාපතිවරයා, ඉදිරියේදීත් ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට ඊජිප්තුවේ ඇති කැපවීම නැවත තහවුරු කළේය.
දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගත හැකි නව ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
