විදෙස්ගතව සැඟව සිටි, අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර තිබූ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් ‘සමිත්පුර චතූ’ නමැති සැකකරු අද (18) අලුයම දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම සැකකරු ඕමානයේ රැඳී සිටියදී මෙරටට රැගෙනවිත් ඇති අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඔහු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීම සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වීම ඇතුළු බරපතළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව වරෙන්තු සහ රතු නිවේදන නිකුත් කර තිබුණි.

එමෙන්ම, ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් මොහුට එරෙහිව පවතින බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ හරහා උපයාගෙන ඇති බවට සැක කෙරෙන වත්කම් සම්බන්ධයෙන්ද ඉදිරියේදී පුළුල් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version