ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කර තිබූ පුද්ගලයෙකු ඕමානයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි දිමුත් චතුරංග නැමැති පුද්ගලයෙකි. මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මෙම සැකකරු කාලයක් තිස්සේ ඕමානයේ සැඟවී සිට ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබුණි.
අද අලුයම මෙරටට රැගෙන ආ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ අංශ වෙත භාර දී තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර