චීනයේ බෙයිජිං නුවරදී 2026 ලෝක රොබෝ සමුළුව අද (19) ආරම්භ විය. ‘මානව – රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වේ.
දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ ගෝලීය රොබෝ තාක්ෂණ ක්ෂේත්රයේ නවතම ජයග්‍රහණ ලොවට හඳුන්වා දීම සහ තාක්ෂණික හුවමාරුව සඳහා වේදිකාවක් සැකසීමයි. ජාත්‍යන්තර ආයතන 30ක සහභාගීත්වයෙන් විවිධ සාකච්ඡා මණ්ඩප සහ ප්‍රදර්ශන 70ක් මෙවර සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය.
මෙවර සමුළුව සඳහා ලොව පුරා රොබෝ නිෂ්පාදන ව්‍යවසායන් 300ක් පමණ එක්ව සිටින අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 69ක වර්ධනයකි. මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන රොබෝ නිෂ්පාදන සංඛ්‍යාව 3000 ඉක්මවන අතර, ඉන් 300කට වැඩි ප්‍රමාණයක් ප්‍රථම වරට ලොවට හඳුන්වා දෙන නව නිෂ්පාදන වේ.
සමුළුව තුළ ‘රොබෝ ප්ලස්’ භාවිතයන් සඳහා විශේෂ කලාප හතරක් වෙන් කර තිබේ. ඒ අනුව නිෂ්පාදන කර්මාන්තය, ආහාර හා සිල්ලර අලෙවිය, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා මෙන්ම හදිසි ආපදා කළමනාකරණ කටයුතු සඳහා රොබෝ තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රායෝගිකව විදහා දැක්වීමට නියමිතය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර