දිවයිනේ අධිවේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් සහ මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් පොලිසිය විසින් නව නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම නීතිය සැප්තැම්බර් 19 වන දින සිට බලාත්මක වන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අධිවේගී මාර්ගයට ඇතුළු වන සෑම වාහනයකම සිටින සියලුම දෙනා ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය වේ.
අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කර ගැනීම සහ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම පියවරේ අරමුණයි. මෙම නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් දැනුම් දෙයි.
මීට පෙර සිටම අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්ය වුවද, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇත.
