2024 වසරේ ගාසා තීරයේදී පස් හැවිරිදි හින්ද් රජාබ් දැරිය ඇතුළු පිරිසක් මියගිය සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අංශ සිය වගකීම ප්‍රථම වරට නිල වශයෙන් පිළිගෙන ඇත.

දැරිය ඇයගේ ඥාතීන් සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මෙම ඛේදවාචකය සිදුවිය. එම අවස්ථාවේදී දැරිය බේරා ගැනීමට උත්සාහ කළ රතු කුරුස සංවිධානයේ වෛද්‍ය සහායකයින් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ.

මෙම සිදුවීම ලොව පුරා දැඩි කම්පනයක් ඇති කළ අතර, සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල විය. එතෙක් මෙම සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටි ඊශ්‍රායලය, මේ වන විට තම හමුදාවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැරිය මියගිය බව පිළිගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version