කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ පුද්ගලයෙකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ලබන සැප්තැම්බර් 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
සංගීත් ජයසේකර නමැති සැකකරු තමන් අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්යක්ෂවරයා ලෙස හඳුන්වා දෙමින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අසත්‍ය තොරතුරු අනාවරණය කර තිබුණි. සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කර ඇති බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එය මහජන සාමය කඩවීමට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. සැකකරුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.
පලෙයි රක්ෂිතයේ පවතින ඉදිකිරීම් සම්බන්ධයෙන් මීට පෙර පලෙයි පොලිසිය විසින් නීතිමය පියවර ගෙන තිබූ අතර, සැකකරු විසින් සිදු කළ ප්‍රකාශය පොලිස්පතිවරයා විසින්ද මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම සිද්ධියට අදාළව අදාළ මාධ්‍ය ආයතන 8ක සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය පොලිසියට උපදෙස් ලබා දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර