ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මෙම වසර අවසානයේදී ජනතාව වෙත නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සමාලෝචන රැස්වීමකදී මෙම කරුණු අනාවරණය වූ අතර, එහිදී 2026 වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන 30ක ඉලක්කයක් කරා රැගෙන යාමේ රජයේ පුළුල් වැඩපිළිවෙළ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ඒ සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය (CERT) ඇතුළු ආයතන රැසක දායකත්වය ලබා ගැනේ.
මීට අමතරව, රූපවාහිනී විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. මෙම සාකච්ඡාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ අදාළ ආයතන ප්‍රධානීන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර