විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ දැඩි විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පළ කළේය. ඔහු පෙන්වා දෙන්නේ මෙය අධිකරණ ස්වාධීනත්වයට එල්ල කරන බලපෑමක් බවයි.
තමන් ද පසුගිය කාලයේ රජයේ ඇතැම් තීරණ වෙනුවෙන් පෙනී සිටි බවත්, එහෙත් පසුව ඒවායේ යථාර්ථය තේරුම් ගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වන පාර්ශ්වයන් ‘හොරුන්’ ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන බව ඔහු චෝදනා කළේය.
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම් පවා රජය විසින් හේතු නොදක්වා ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහැකි බවත්, නීතිඥ සංගමය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල මතය ද රජය නොසලකා හරින බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.
තවද, රජයේ ඇතැම් මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් පවතින නඩු කටයුතු සහ වරායෙන් කන්ටේනර් ඉවත් කිරීම වැනි සිදුවීම් වසා ගැනීමට මෙම ක්‍රියාමාර්ග උපයෝගී කරගන්නා බවට ඔහු සැක පළ කළේය. කෙසේ වෙතත්, කුමන බලපෑම් කළ ද ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට සහ නඩු කටයුතු ඉදිරියට ගෙන යාමට සිදුවන බව ඔහු අවධාරණය කළේය.
