ප්‍රවීණ ගායන ශිල්පිනී, විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ශෝක දින වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ දිවයිනේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මෙම උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර, එය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version