ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි ජ්‍යෙෂ්ඨතම තනතුර වන මාණ්ඩලික ප්‍රධානී ධුරයට මේජර් ජෙනරාල් යූ.කේ.ඩී.ඩී.පී. උදුගම මහතා පත්වී ඇත. ගජබා රෙජිමේන්තුවට අයත් ඒ මහතා යුද හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

පසුගිය අගෝස්තු 05 වැනි දින පැවති උත්සවයේදී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව ඒ මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

මෙම පත්වීමට පෙර මේජර් ජෙනරාල් උදුගම මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වී සිටි අතර, නව මාණ්ඩලික ප්‍රධානියා වෙත සිය සුබපැතුම් එක් කිරීමට ඔවුහු කටයුතු කළහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version