ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පල්ලෙපේරුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අලකොළ අරාව අමුණ සහ ඒ ආශ්‍රිත ඇළ මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වේ.

පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන පහකි.

මෙම අමුණ සහ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් අදාළ ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත ගොවි ජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද සහ හීල් ඔය කොට්ඨාසයේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී සාලිය ඉඹුලේගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version