මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන ශිරාන් බාසික්ට අයත් තවත් දේපළ රැසක් පිළිබඳ තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇති පරිදි, බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවාස දෙකක් සහ ජංගම දුරකථන අලෙවිසැල් දෙකක් ඔහු සතු බව තහවුරු වී තිබේ. මීට පෙර සිදුකළ විමර්ශනවලදී කොළඹ මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේ පිහිටි හෝටල් පහක් ද ඔහුට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන පොලිසිය, ශිරාන් බාසික්ට අයත් සියලු බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන ඇත. සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුගිය අගෝස්තු 14 වැනිදා මෙරටට රැගෙන ආ අතර, මේ වන විට ඔහු රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version