ස්වීඩනයේ මධ්‍යම ප්‍රදේශයේ ෆැගර්ස්ටා නගරයේ පිහිටි බ්‍රිනෙල් උසස් පාසලට කඩුවකින් සන්නද්ධව පැමිණි 18 හැවිරිදි තරුණයෙකු සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතර නව යොවුන් වියේ පසුවන සිසුන් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.
පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම පාසලේම හිටපු සිසුවෙකු බව අනාවරණය වී තිබේ. සිද්ධිය සිදුවන අවස්ථාවේ පාසලේ සිසුන් 450කට ආසන්න පිරිසක් සිට ඇති අතර, ප්‍රහාරයෙන් පසු පාසල පැය පහකට ආසන්න කාලයක් ආරක්ෂක අගුලු දැමීමකට ලක් කෙරිණි.
ප්‍රහාරයට පෙර සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කඩුවක ඡායාරූපයක් පළ කර තිබූ බව විමර්ශනවලදී හෙළි වී ඇත. එම ගිණුමේ අන්ත දක්ෂිණාංශික අන්තවාදී අදහස්වලට සම්බන්ධ වීඩියෝ දර්ශන ද තිබූ බව වාර්තා වේ. සැකකරු මීට පෙර පහරදීමක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී ඇති අයෙකු බව ද පැවසේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්වීඩන අගමැති උල්ෆ් ක්‍රිස්ටර්සන් සහ ස්වීඩනයේ කාල් XVI ගුස්ටාෆ් රජු සිය දැඩි කනගාටුව පළ කර තිබේ. ෆැගර්ස්ටා නගරාධිපතිනිය පවසා ඇත්තේ මෙම අනපේක්ෂිත ප්‍රහාරය හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයකට පත්ව ඇති බවයි.
