ටෙස්ලා මෝටර් රථවල අන්තර්ගත ‘හිඩන් ඩෝ’ හෙවත් සැඟවුණු දොර නිර්මාණය මේ වන විට දැඩි මතභේදයට තුඩු දී තිබේ. මෙම විශේෂාංගය විද්‍යුත් වාහන සඳහා සුවිශේෂී එකතු කිරීමක් ලෙස හඳුන්වා දුන්නද, එය මේ වන විට ආරක්ෂක ගැටලුවක් බවට පත්ව ඇත.

චීන වාහන වෙළඳපොළ තුළ පවතින ටෙස්ලා වාහන මිලියන 2.98කට අධික ප්‍රමාණයක් ආපසු කැඳවීමට සමාගම තීරණය කර ඇත්තේ මෙම නිර්මාණයේ පවතින දෝෂ හේතුවෙනි. වාර්තා වන පරිදි ලොව පුරා මිලියන 4කට ආසන්න ටෙස්ලා වාහන ප්‍රමාණයක් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇත.

පාරිභෝගිකයන් පෙන්වා දෙන්නේ, හදිසි අවස්ථාවකදී මෙම දොරවල් ඉක්මනින් හඳුනා ගැනීමට සහ විවෘත කිරීමට අපහසු බවයි. මෙම ආරක්ෂක ගැටලුව හේතුවෙන් වාහනවල ක්‍රියාකාරීත්වය සහ මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතු වී තිබේ.

මෙම ආපසු කැඳවීමේ ක්‍රියාවලිය හරහා අදාළ දෝෂ නිවැරදි කිරීමට ටෙස්ලා සමාගම කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. විද්‍යුත් වාහන නිෂ්පාදනයේදී ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බවට මෙම සිදුවීමෙන් යළිත් වරක් තහවුරු වී ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version