චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට එක්වීම සඳහා අද (24) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ වීමට පෙර කණ්ඩායමේ සාමාජිකාවන් ආගමික වතාවත්වල නිරත වෙමින් තම ජයග්‍රහණය වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්හ.
මෙම ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන 28 වැනිදා ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණින් දැඩි පුහුණුවීම්වල නිරතව සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
