ඌව පළාත් සභාව යටතේ විවිධ තනතුරු වල වසර 5 සිට 16 දක්වා කාලයක් සේවය කළ සේවකයින් 143 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබා දීම අද (25) සිදු කෙරිණි. පස්සර පැල්ගහතැන්න පුහුණු ආයතනයේදී මෙම උත්සවය පැවැත්විණි.
තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සේවය කළ සේවකයින් මෙලෙස ස්ථිර කරනු ලැබුවේ 2026 අයවැය යෝජනා සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 11/2026 ට අනුකූලවය.
මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින් සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
දිගු කලක් තිස්සේ විවිධ සේවා කොන්දේසි යටතේ සේවය කළ සේවකයින්ගේ ගැටලුවලට විසඳුමක් ලෙස මෙම ස්ථිර පත්වීම් ලබා දීම සිදු කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර