නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිසුන්ගේ විභාග කටයුතුවලට ඇතිවිය හැකි බාධා මඟහරවා ගැනීමට විශේෂ පියවර ගෙන තිබේ. ඒ අනුව, මෙවර උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් සම්පත් කොටුවේගොඩ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ජාතික මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා අදාළ සියලු අංශ දැනුවත් කිරීම මේ වන විටත් සිදු කර ඇති අතර, විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ට සහ සිසුන්ට මුහුණ දීමට සිදුවිය හැකි හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම මෙහි අරමුණයි.
යම් හෙයකින් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් මතු වුවහොත්, ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙස බලධාරීන් සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.
ඒ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ 0113 668119, 0113 668026, 0113 668032, 0113 668087 සහ 076 3 117 117 යන අංකවලට ඇමතිය හැකිය. එසේම විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 වෙත ද අදාළ තොරතුරු වාර්තා කළ හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර