දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.
වාර්තා වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම ආසන්නයේ වාහන පේළි වශයෙන් ගමන් කිරීමේ තත්ත්වයක් දක්නට ලැබේ.
පවතින අධික වාහන සංඛ්‍යාව හේතුවෙන් මෙම තදබදය හටගෙන ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. එම ප්‍රදේශ සහ හුවමාරු මධ්‍යස්ථාන හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි අවධානයෙන් සහ ඉවසීමෙන් යුතුව රිය ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
එසේම, රථවාහන තදබදය මඟහරවා ගැනීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර