2023 මාර්තු 19 වනදා කබරගල ප්‍රදේශයේ සිදු වූ නායයෑම හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් 50කගේ වසර තුනහමාරකට ආසන්න දුෂ්කර ජීවිතය නිමා කරමින්, ඔවුන් වෙනුවෙන් ඉදිකළ නව නිවාස අද (28) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
පූනාගල, කබරගල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය “නවෝද්‍යාපුරම්” ලෙස නම් කර ඇත. නායයෑමෙන් පසුව මෙම පවුල් 50 අත්හැර දමා තිබූ තේ කර්මාන්තශාලාවක දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූහ.
මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක් පර්චස් 10ක ඉඩමක වර්ග අඩි 550ක වපසරියකින් යුතුව ඉදිකර ඇත. නිවසක් සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 32ක් පමණ වේ. නිදන කාමර දෙකක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහ වැසිකිළියකින් මෙම සෑම නිවසක්ම සමන්විතය.
නව නිවාසලාභී පවුල් සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කට්ටලයක් ද මෑතකදී ලබා දී ඇත. රුපියල් 175,000ක් පමණ වටිනා මෙම උපකරණ බෙදාදීම වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම නව නිවාස ව්‍යාපෘතිය හරහා නායයෑමෙන් පීඩාවට පත් ජනතාවට වඩාත් ආරක්ෂිත සහ ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර