ජාතික ලුණු සමාගම විසින් මන්නාරම ලේවාය ආශ්‍රිතව ඉදිකරන ලද නව පාලන ගොඩනැගිල්ල සහ ගබඩා සංකීර්ණය අද (27) පෙරවරුවේ නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. වර්ග අඩි 4,000 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 24.5 ක වියදමක් දරා ඇති අතර එය සමාගමේ අරමුදල් මගින් පූර්ණ ලෙස මූල්‍යකරණය කර ඇත.
2025 අගෝස්තු මාසයේදී ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය කෙටි කාලයක් තුළ සාර්ථකව නිම කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. රාජ්‍ය කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මේ අතර, දීර්ඝ කාලයක් අක්‍රීයව පැවති කුරන්චිතිව් ලේවාය නැවත සක්‍රීය කිරීමට ද පියවර ගෙන ඇත. දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය කාර්මික ලුණු මෙරටදීම නිෂ්පාදනය කිරීම මගින් විදේශ විනිමය ඉතිරි කර ගැනීම සහ ලුණු නිෂ්පාදනය ඉහළ නැංවීම මෙහි අපේක්ෂාවයි.
1940 වසරේදී ආරම්භ කරන ලද මන්නාරම ලේවාය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 5,500 ක නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත වේ. ජාතික ලුණු සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 788 ක ආදායමක් සහ රුපියල් මිලියන 250 ක ශුද්ධ ලාභයක් වාර්තා කරමින් සාර්ථක මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර