හොරණ-කොළඹ මාර්ගයේ ගෝනපල හන්දිය ආසන්නයේදී අද (29) අලුයම කන්ටේනර් රථයක් මාර්ගයට පෙරළීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව මොරගහහේන පොලිසිය පවසයි.

මෙම අනතුර අද අලුයම 1.00ට පමණ සිදුවී ඇති අතර, හොරණ කර්මාන්ත පුරයේ සිට කොළඹ වරාය බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

කන්ටේනර් රථය අධික වේගයෙන් ගමන් කරමින් තිබියදී වංගුවක් පසු කිරීමට උත්සාහ කිරීමේදී රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයට පෙරළී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුර හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, වාහනය ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version