ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ දේශපාලන සහ පෞද්ගලික ජීවිත අත්දැකීම් ඇතුළත් කරමින් රචනා කළ ‘රතුවේවි මිහිමඩල’ කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ (28) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූවාය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලාංකේය වාමාංශික දේශපාලනය තුළ වාසුදේව නානායක්කාර මහතා ඉටුකළ මෙහෙවර සහ ඔහු දේශපාලන චරිතයක් ලෙස අත්කරගත් අත්දැකීම් පිළිබඳව සිහිපත් කළාය.

තමන් 2020 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මහතා සමඟ එකම පේළියේ අසුන්ගෙන කටයුතු කළ අයුරු සහ එම කාලසීමාවේදී හුවමාරු කරගත් අදහස් පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කර සිටියාය.

මෙම උත්සවය සඳහා මහා සංඝරත්නය, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයින්, පවුලේ සාමාජිකයින් සහ හිතවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version