නුවරඑළිය පොලිස් වසමට අයත් ලවර්ස්ලිප් වත්ත ප්‍රදේශයේදී ඊයේ (29) දින සිදුවූ බිහිසුණු අපරාධයකින් කාන්තාවක් මියගොස් ඇත.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳට තියුණු ආයුධයකින්, එනම් පොරවකින් පහර දී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.

මියගිය කාන්තාව 43 හැවිරිදි වියේ පසුවූ නුවරඑළිය, විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version