ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (29) පස්වරුවේ දරුණු අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ තඹලගමුව පොලිස් වසමට අයත් ජයපුරම් ප්‍රදේශයේදී පස්වරු 6.45 ට පමණ බව පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ තරුණයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තඹලගමුව, පට්ටිමේඩු ප්‍රදේශයේ පදිංචිව සිටි වරදරාජා ප්‍රණවන් නැමැති 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version