පවතින වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ වන සතුන්ගේ සුරක්ෂිතතාව සහ පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් රුහුණු (යාල) ජාතික උද්‍යානයේ I සහ II කලාප තාවකාලිකව වසා තැබීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම තීරණයට අනුව, එළඹෙන සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා මාසයක කාලයක් සඳහා එම කලාප සංචාරකයන්ට ඇතුළු විය නොහැක. පරිසර අමාත්‍යාංශයේ උපදෙස් මත සහ සංචාරක ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම පියවර ගෙන ඇත.
උද්‍යානය වසා තබන කාලසීමාව තුළ නියඟයෙන් පීඩාවට පත් සතුන් සඳහා ජලය සැපයීම සහ ස්වාභාවික දිය පොකුණු හා වැව් ප්‍රතිසංස්කරණය කිරීම සිදු කෙරේ. මීට අමතරව, උද්‍යානය තුළ ඇති යටිතල පහසුකම් සහ ගොඩනැගිලි නඩත්තු කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිතය.
සංචාරක කර්මාන්තයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා යාල ජාතික උද්‍යානයේ III, IV, V සහ VI යන කලාප දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා අඛණ්ඩව විවෘතව පවතින බව අමාත්‍යාංශය පවසයි. එසේම, සංචාරකයන් සඳහා උඩවලව, මින්නේරිය, කවුඩුල්ල සහ විල්පත්තුව වැනි අනෙකුත් ජාතික උද්‍යාන වෙත යොමු වන ලෙස ද බලධාරීන් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර