කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව වැලමිටි වංගුව ආසන්නයේදී අද (30) සිදුවූ දරුණු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මහනුවර සිට කෑගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක පිටුපසින් පැමිණි බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය වහාම මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කරන අවස්ථාව වන විටත් පසුපැදිකාරිය මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පිළිමතලාව, ඌරාපොල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණියකි.

අනතුර සිදුකළ බස් රථය සහ රියදුරු සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණද, පොලිසිය විසින් සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් බස් රථ රියදුරු හෙට (31) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version