පසුගිය සති කිහිපය තුළ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී භාවිත කරන ෆිල්ග්‍රෑස්ටීම් (Filgrastim) ඖෂධයේ හිඟයක් පවතින බවට වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත්, එම තත්ත්වය මේ වන විට සාර්ථකව කළමනාකරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරයි.

මෙම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය හිමි වූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබාදීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version