පමුණුගම පොලිස් වසමට අයත් එප්පාවල වෙරළ තීරයේ දිය නෑමට ගිය පිරිසක් දියේ ගිලීමෙන් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙලෙස අතුරුදහන් වී ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක්, 04 සහ 12 හැවිරිදි දැරියන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙකි. මොවුන් සියලු දෙනාම ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
ඊයේ සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ පමුණුගම පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
අතුරුදහන් වූවන් සොයා නාවික හමුදාවේ සහාය ඇතිව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. පමුණුගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
