අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අද (23) දින හලාවත පිහිටි ඓතිහාසික මුන්නේශ්වරම් ශිවන් කෝවිලේ පැවති වාර්ෂික උත්සවයට සමගාමීව සංවිධානය කර තිබූ විශේෂ ආගමික වතාවත් සඳහා සහභාගී විය.
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි මෙම ඓතිහාසික කෝවිලේ වාර්ෂික උත්සවය සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොය කේන්ද්‍ර කරගනිමින් සති හතරක කාලයක් පුරා පැවැත්වේ.
කෝවිල් පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍යවරිය එහිදී ශිව දෙවියන් උදෙසා පවත්වන ලද විශේෂ පූජාවට එක් වූ අතර, කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ලා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත ආශිර්වාද පළ කරන ලදී.
මෙම උත්සවය සඳහා බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාමීය යන විවිධ ආගම් අදහන බැතිමතුන් විශාල පිරිසක් දිවයිනේ නන් දෙසින් පැමිණීම විශේෂත්වයකි. කප් සිටුවීම, ගණදෙවි පූජාව සහ සාම්ප්‍රදායික ගිනි පෑගීමේ උත්සවය ඇතුළු ආගමික අංග රැසක් මෙම වාර්ෂික උත්සවයට ඇතුළත් වේ.
මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර