හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පවතින සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති නිරීක්ෂණ චාරිකාවකදී මේ සම්බන්ධයෙන් වන තීරණ රැසක් ගෙන තිබේ.
පරිසරයට සිදුවන හානි අවම කිරීම සඳහා නරඹන්නන්ගේ පැමිණීම විධිමත් ලෙස කළමනාකරණය කිරීමටත්, ඒ සඳහා නවීන ඩිජිටල් ප්‍රවේශ පත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් පියවර ගැනේ. මීට අමතරව, උද්‍යානය තුළ පරිසර හිතකාමී විද්‍යුත් වාහන සේවාවක් ආරම්භ කිරීමටද යෝජනා වී ඇත.
වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරනු ඇත. විශේෂයෙන්ම නීතිවිරෝධී ක්‍රියාකාරකම්, කැළිකසළ බැහැර කිරීම සහ ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මාස හයක විශේෂ නිරීක්ෂණ කාලයක් ලබා දී තිබේ.
එමෙන්ම, උද්‍යානයට ඇතුළු වන සංචාරකයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම සහ අන්තර්ජාලය හරහා පූර්ව වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටද තීරණය කර ඇත. දුරකථන සංඥා ගැටලු විසඳීම සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
හෝර්ටන් තැන්න පරිසර හිතකාමී සහ නිහඬ කලාපයක් බවට පත් කිරීම මෙම නව වැඩපිළිවෙළෙහි මූලික අරමුණ බව අමාත්‍යාංශය පවසයි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර