හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා අද (31) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේය.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් යටතේ බඳවා ගත් සේවකයින් පිරිසක් සිය පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට මූල්‍යමය අලාභයක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
මෙම විමර්ශන කටයුතු සඳහා මීට පෙර අවස්ථාවකදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද, ඔහු එදින පැමිණ නොසිටියේය. ඒ හේතුවෙන් පසුගිය සෙනසුරාදා අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුගේ නිවස වෙත ගියද, ඔහු එහි නොසිටි බව වාර්තා විය.
පසුව සිය නීතිඥවරුන් මාර්ගයෙන් කරුණු දක්වමින් හිටපු අමාත්‍යවරයා ඉල්ලා සිටියේ පෞද්ගලික හේතුවක් මත තමන්ට වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි. ඒ අනුව අද දින ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇත.
